ONE DIRECTION ගැන ඔබ නොඇසූ කරුණු කිහිපයක්

  ONE DIRECTION ගැන ඔබ නොඇසූ කරුණු කිහිපයක්






දෙදහ වර්ෂයෙන් පසු රොක් සංගීතයේ නව පිබිදීමක් ඇති කර one direction ,2010 වර්ෂයේ එංගලන්තයේදී the x factor යන ‍ බ්‍රිතාන්‍ය රියැලිටි වැඩසටහන් හරහා මුලින්ම කලඑළි බසී. ඉමහත් ජනාදරයට පාත්‍ර වෙමින් එම වැඩ සටහනේ තෙවන තැන ලබා ගන්නවා. one direction නම් liam payne, harry styles, hayal horent, louis tomlinson හා zayn malik ක් වී ඇරඹු පොප් සංගීත කණ්ඩායමයි.මොවුන් 2015 වන තෙක්ම තම සාමූහික දක්ෂතා එක්ව ප්‍රදර්ශනය කරන නමුත්, 2016 සිට මොවුන් තම දක්ෂතා තනිතනිව ඉදිරිපත් කරමින් දිගු ගමනක් යමින් සිටිනවා. කොහොම නමුත් මෙම සංගීත කණ්ඩායම තම පළමු ගීත ඇල්බමයෙන් ම මුළු ලොවම වසඟයට ගැනීමට සමත් වෙනවා. මොවුන් ඇල්බම් පහක් කරළියට එක්කර තිබෙනවා ඒවා නම් take me home, midnight memories, made in the a. m, up all night සහ four යන ඇල්බම යන්ය .මෙම සංගීතය ඇල්බම පහෙන් ළමු හතරම ඇමරිකානු billbord ශ්‍රේණිගත කිරීමෙන් පළමු තැනට පත් වී තිබෙනවා .මෙවැනි වාර්තාවක් තැබූ පලවෙනි සංගීත කණ්ඩායම one direction වෙනවා. මොවුන්ගේ තුන්වන ඇල්බමය වන midnight memories 2013 වර්ෂයේ ලෝකෙ වැඩිපුරම විකුණුම් වාර හිමි ඇල්බමය බවට පත්වී තිබෙනවා . මේ වන තෙක් ඔවුන් සම්මාන දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබෙන අතර ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ පමණක් නොව ආසියානු රටවල ද බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා .අදටත් onedirection යන නාමය නොඇසූ කෙනෙක් නැති තරම්, දෙදහස් පහළොවේ දී zayn malik කණ්ඩායම ඉන් ඉවත් වී යනවා. නමුත් ඔවුන් තව වසරක් පමණ කාලයක් සාමාජිකයන් 4 දෙනෙකුගෙන් යුතුව තම ගීත ඉදිරිපත් කරනවා කෙසේ වෙතත් වර්තමානය වන විටත් one direction සිටියේ නම් B.T.Sසංගීත කණ්ඩායමට අභියෝගයක් වෙනවා නිසැකයි. 


 ✍️ N.sadaruwan

0 Comments