චීන මහා ප්‍රාකාරය

චීන මහා ප්‍රාකාරය





චීන මහා ප්‍රාකාරය කියන්නේ මොකක්ද කියලා ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක් දන්නවා. නමුත් ඊට පමණක් දෙවෙනි වන ලෝකයේ තවත් දිගම පවුරක් එහෙම නැත්නම් ප්‍රාකාරයක් ඉන්දියාවේ ඇති බව ඔබ නිකමටවත් අසා තිබෙනවාද ? බලකොටුවක් සහ මාලිගාවක් වටා ඇති දිගම බිත්ති ඇති මෙම ප්‍රාකාරය බටහිර ඉන්දියාවේ රාජස්ථාන් හි මේවාර් ආරක්ෂක ඉදිකිරීමක් වන අතර එය කුම්භල්ගාර් කොටුව නමින් හඳුන්වනු ලබනවා. මෙම බළකොටුවේ දිග කිලෝමීටර් 36 කි (සැතපුම් 22.4 කි). 15 වන සියවසේදී ඉදි කරන ලද මෙම පවුර රාජස්ථාන් කාන්තාරයේ පිහිටි උස් කඳු මුදුන් දහතුනක් අතර පිහිටා ඇති අතර ඉන්දියාවේ උදයිපූර් නගරයට සිට කි.මී 80ක් දුරින් මෙම කුම්භල්ගාර් බලකොටුව වටා පිහිටා ඇත. මෙම තාප්පයේ පළල මීටර් 5 ක් පමණ ඝනකමකින් යුක්ත වන අතර එයට ඇතුල්වීම සඳහා තැන් තැන්වලින් දොරටු හතක් පිහිටුවා ඇත. ඉන්දියාවේ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ඇති ප්‍රබළ සාක්‍ෂියක් වන මෙම බලකොටුව එවකට මෙවාර් රාජධානියේ පාලකයා වූ රණ කුම්භ විසින් ඉදිකරන ලද්දකි. එමෙන්ම මෙම ස්ථානය එවකට ඉන්දියාවේ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ රජපුත් රජෙකු වන මහාරානා ප්‍රතාප්ගේ උපන් ස්ථානය ද වේයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1,100 (අඩි 3,600) ක් උස අරවලී කඳු මුදුනේ ඉදිකර ඇති කුම්භල්ගාර් බලකොටුවට පිටතින් විහිදෙන පරිවාර බිත්ති ඇති අතර එය චීන මහා ප්‍රාකාරයට පසුව ඇති ලොව දෙවන දිගම ප්‍රාකාරය බවටද සඳහන් වෙනවා.

0 Comments