ලොවම දත් ඔබ නොදත් කැරොලිනා ගේ කතාව 🎻

 ලොවම දත් ඔබ නොදත් කැරොලිනා ගේ කතාව 🎻







යූටියුබ් සමාජ ජාලාව තුල ජනප්‍රියම වාදන ශිල්පිනියක් වන කැරලිනා protsenko 2008 ඔක්තෝම්බර් 3 වන දින යුක්රේනයේ කිව් අග නගරයේ මෙලොව එළිය දැකිය. දෝතින්ම වාදන හැකියාව රැගෙන ආ මැය, මැය ගේ මවුපියන් සේම දක්ෂ දැරියක් විය. දෙමව්පියන්ගෙන් සංගීතය මුල් ආභාෂය කැරෝලිනා වයලින් වාදනයේ දී කැපී පෙනෙන දස්කම් පෑවේය. මේ නිසාම තම වාද්‍ය භාණ්ඩය ලෙස වයලීනය තෝරාගන්නා මැය,තම මවගෙන් වයිලීන් වාදනය උගත් බව ද සඳහන් විය. ඇයගේ නාමය එලා ය. ඔහුගේ ස්වාමිපුරුෂයා එනම් කැරලිනා ගේ පියා නමින් නිකලායි ය. 2014 වර්ෂයේ යුක්රේනය ඇතිවූ දැඩි ආර්ථික පසුබෑම නිසා කැරොලිනා සහ කැරලිනා ගේ පවුල ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිනිවැලි ප්‍රදේශයට සංක්‍රමණය විය. එවකට කැරොලිනා හට වයස අවුරුදු අටක් පමණ වුවත්,ඇමරිකාවේ දී වැඩිදුරටත් වයිලීන් වාදනය ඉගෙන ගත් බවත්, එහිදී වීදි වාදන ශිල්පිනියක්(street performance) ලෙස තම සංගීත ගමන 2017 වර්ෂයේ දී ආරම්භ කරනවා.ඒ සමගම instergram හා youtube සමාජ ජාලා තුල  දක්ෂතා විකාශය කිරීමට පටන් ගන්නවා. මැය ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙනවා.තව තවත් තමාගේ හැකියා වර්ධනය කරගනිමින් බොහෝ ජනප්‍රිය සින්දු වලට (Dance monkey, Daspasitho,Titanic song,etc) වයලීන් වාදන එක්කරමින් තම ගමන ඉදිරියට ගෙන යනවා සුන්දර පාද චලනයන් සමග තම වාදනය ඉදිරිපත් කරන කැරලිනා වයසට වඩා තම දක්ෂතා පිළිබිඹු කරන චරිතයක්.නමුත් අද  වන විට ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියනයක් පමණ වෙනවා. ඉතින් කැරොලිනා protsenko ගේ නිර්මාණ තවදුරටත් රස විඳින්න යැයි ඔබට ආරාධනා කරනවා.(YouTube Link) 2021 වසර වන විට අවුරුදු 13 පසුකරන මැයට ලෝකය දිනීමට හැකි වූවානම් ඔබට කෙසේ කරන් හැකිද? මොහොතක් සිතා බලන්න.


✍️ N.Sadaruwan



0 Comments