තිසා වැව 🌊
ඉසුරුමුණිය පිහිටා ඇත්තේ තිසා වැව් කණ්ඩියට පහළින් ය මහාවංශයේ මේ වැව තිස්ස වාපි යන නමින් ද, එහි තේරුම තිස්සගේ වැව යන්නයි. තිස්ස වැව පසු කාලෙකදි බිඳී තිසා වැව වී යැයි කියති. තිස්ස වැව යැයි කීවත් මෙම වැවෙහි නිර්මාතෘ පණ්ඩුකාභය රජතුමාය එකල මේ වැවට ජය වැව කියාත් හඳුන්වා දී තිබෙනවා. කලාවැවේ සිට මේ වැවට ජලය ගෙන එන ගඟට ජය ගඟ යන නම දාන්ට ඇත්තේ මේ වැව පණ්ඩුකාභය රජ කාලයේදී ජය වැව යන නමින් හැඳින්වුණු හින්දා වෙන්න පුළුවන්. තිස්ස රජතුමා මේ ජය වැව ලොකු කළ නිසා මෙයට තිස්ස වාපි යන නම යෙදෙන්න ඇති යැයි සිතති .අක්කර 450 ක (හෙක්ටෙයාර 210 ක) වර්ග ප්‍රමාණයක් ඇති තිසා වැව අදටත් අනුරපුර පුරවැසියන්ට අවශ්‍ය ජල උවමනාවන් සපයා දෙනවා. අද වන විටත් මේ වැවට වතුර පැමිණෙන්නේ ජය ගඟින් ය .(යෝධ ඇළ) කලාවැවේ සිට ගලන යෝධඇළ හැතැම්ම 54ක සංචාරයක යෙදී තිසාවැවට ජලකඳ ගෙනත් දෙනවා. සිරිමා බෝ හාමුදුරුවන්ගේ ශාඛාව අනුරාධපුරයට වඩම්මාගෙන ආපු වෙලාවෙහි මුලින්ම තැන්පත් කළේ තිසාවැවේ කියලා මතයක් තිබෙනවා. ඊට පස්සේ සිරිමා බෝ හාමුදුරුවන් අද සිටින උඩමළුවට වඩම්මා ගෙන ගියා යැයි සැලකෙනවා .අදටත් බෝ සමිදුන්ගේ රන්පත් බිම නොවැටී හුළගේ පාවෙලා ගොස් තිසා වැව වැටෙන බවයි බෞද්ධයෝ විශ්වාස කරන්නේ.
කරුණු උපුටා ගත් පොත _ ඉසුරුමුණි රජමහා වෙහෙර
✍️ N. Sadaruwan...
0 Comments